Unbuttoned Memories
පුංචි භූතයා අතුරුදහන් වෙලා හරියටම මාස තුනක්. මළා කියලා හිතාගෙන දානයක් දෙන්න විතරයි ඉතුරු. ක්‍රිසන්තිමම් මලේ පෙති දුඹුරු වෙලා කෙඩෑරි වෙලා තිබුණේ. Shot glass එකේ වතුර හිඳිලා, මල නාටු වෙලා ගියා. තව දුරටත් මං ඒක පරිස්සම් කරන්න මහන්සි වුණේ නෑ.
එහෙම එක සිකුරාදාවක, as usual! ඔෆිස් එකේ සති අන්ත සාදය පොඩ්ඩක් ඕනවට වැඩි වුණා. වෙලාව පාන්දර තුන හමාරට වැඩි මිසක් අඩු නෑ. එකා දෙන්නා සමතලා වෙන්න පටන් ගනිමින් හිටියේ. මං කියලා වෙනසක් නෑ!
සතියක් යුද්ධ කරලා ආවා වගේ මහන්සියකින්, නොනවත්වා එකදිගට වැඩ කරලා, නිදි මරලා, පාන්දර වෙනකල් කරටි කැඩෙන්න ගහලා...
නිල් පාට රෝසපාට එළි යට බොඳ වෙවී ඉන්නකොට, ඩොටී බෙරිහන් දුන්නා.
"කැස්පර්ගෙන් කෝල් එකක් ආවා...!"
"මොකක්???" මං හිතන්නේ මට මුළු සතියෙම වෙරි එක පාර හිඳුණා.
"මං ආන්සර් කරලා කිව්වා උඹට හොඳටම වැඩී, ඇවිල්ලා එක්කං යන්න කියලා...!"
"What the fuck...!"
"ඔව්... ඉක්මනට එන්නම් කිව්වා. එයා එනකල් කොහෙවත් යන්න නොදී පරිස්සමට තියාගන්න කියලත් කිව්වා..."
මං හීනි වෙලා තිබ්බ ඇස් දෙක පුළුවන් තරම් විසාල කරගෙන ඩොටී දිහා බලං හිටියා. ඒ සුනංගුවට තව එකෙක් ඇවිත් friendship shot එක උගුරට හළලා ගියා. ඔය මොන මොන විද්‍යාඥයො පොළොවෙ පස් කකා ලෝකෙ කැරකෙනවා කියලා කිව්වත්, මං ඒක විශ්වාස කළේ ඒ වෙලාවේ!
Once upon a time, there was a girl who made a wish
Find herself a love and finally make a switch
Then you came around, you healed another stitch
And I'm glad about that, I can finally make the switch
ඔන්න ඔය සිංදුව background එකේ play වෙද්දි මං කොළ පාට බොංචි බෑග් එකක් උඩ ගුලි වෙලා, කැරකෙන බෝල එළි දිහා බලාගෙන හිටියා.
කාලය ගත වෙන වේගය ගැන මට කිසිම අදහසක් තිබ්බේ නෑ. මට මතකයි ඩොටී මාව අතින් ඇදලා නැගිට්ටවන්න try කරනවා. ඊට පිටිපස්සෙන් ආපු කැස්පර්, කිහිල්ලෙන් අල්ලලා මාව අත් දෙකට උස්සගත්තා. මං බෙල්ල බදාගෙන සද්ද නැතුව හිටියා.
කැස්පර් එයාගෙ BEEP පාට ලාන්සර් එකේ driving seat එකට එහාපැත්තෙන් වාඩි කරවලා, seat belt එක දාන අතරෙ කම්මුලට කුඩා හාද්දක් ලැබුණු බව යන්තම් මතකයි. ඒත් ඒක ඉච්ඡානුගද අනිච්ඡානුගද කියලා පැහැදිළි අදහසක් මට එවෙලෙ තිබුණේ නෑ.
ඊටපස්සෙ කැස්පර් හුළඟක් වගේ අපේ ගෙදරට හැමුවා. ඩොටී මගෙ බෑග් එකෙන් කැස්පර්ට යතුර අරන් දීලා එවලා තිබුණේ. ඒක මං දැනගත්තෙ පස්සේ. මොකද මට ගෙදර ගාවින් කාර් එක නැවැත්තුවාට පස්සේ වෙච්ච දේවල් මතක නෑ.
ඉතාම මළානික එළියක් යට කැස්පර්ගෙ මල් දුමාර වළලු කීපයක් වායුව සමනය කරන හැටි සෑහෙන කාලෙකට කලින් බලපු ෆිල්ම් එකක ෂොට් එකක් වගේ මට මතකයි. මට ඒ මල් දුමාර සුවඳින් පෙනහළු පිරුණු බවත් මතකයි.
"මං අර මල මෙච්චර කාලයක් තියං හිටියා..." අත දික් කරලා එහෙම කිව්වම එයාගෙ මූණෙ ඇඳුණු හිනාවත් මතකයි. එච්චරයි!
පහුවදාට එළි වෙලා ඇහැරෙනකොට, සුවපහසු ඇඳුමකින් මං බ්ලැන්කට් එක ඇතුළෙ ගුලිවෙලා හිටියා. තනියට පිගී! පිගී කියන්නෙ මගෙ sleeping partner. රෝස පාට ඌරු පැටියෙක්.
ඒ තමයි කැස්පර් පිගී එක්ක සුහදව ගනුදෙනු කරපු අවසාන දවස. මේ වෙනකොට කැස්පර්ට පිගීව පේන්න බෑ.
ඇත්තට ම ඊයේ මොනවද වුණේ? මං කොහොමද මේ සුවපහසු ඇඳුමට මාරු වුණේ? කැස්පර් කොයි වෙලේද ගියේ? මේ කිසි දෙයක් අහලා දැනගන්න කැස්පර් නෑ. පුංචි භූතයා ආයෙම ghost!
"ඇත්තට ම කැස්පර් ඊයෙ ආවාද...!!! මේක මගෙ hallucination එකක් වෙන්න බැරිද...?" මං ඔය ප්‍රශ්නේ සිය වතාවකට වඩා ඊයෙ සාදයේ හිටපු මිනිස්සුංගෙං අහන්න ඇති.
"නෑ බං ghost කෙනෙක් තමයි ඇවිල්ලා උඹව lancer එක්ක දාගෙන ගියේ... ඇත්තමයි බං උට කකුල් තිබ්බෙ නෑ. පාවෙලා ආවේ. මං හොඳටම දැක්කනේ!"

