මගෙ අතේ බෝඩිමකට ගෙවන්න මහ ලොකු සල්ලියක් තිබුණේ නෑ. ඒ හින්දා මට අඩුවට තැනක් හොයාගන්න වුණා. අලුත් තැන කියන්න තරම් වරදක් නෑ. තව එකෙක් එක්ක දෙකට බෙදාගත්තම කලින් තැන වගේ ඉඩ පාඩු අඩු වුණත්, මදි පාඩුකම් පිරිමහගන්න මට පුළුවන් වුණා. එක පෙළට කාමර හතරක් තිබුණා. එහාපැත්තෙ දෙකේම හිටියේ ජොඩු දෙකක්. මෙහාපැත්තේ කාමරේ ගැන හෝදිසියක් මට තිබුණේ නෑ. හැබැයි වැලේ ගෑනු ඇඳුම් වනලා තිබුණා. ඒත් ඒ රෙදි දෙතුන් දවසක්... නෑ... සමහර වෙලාවට දවස් පහක් හයක් ඒ වැලේ තියෙනවා. ඒවා වැස්සට තෙමෙනවා. අව්වට වේලෙනවා. ආයෙම තෙමෙනවා.

"එහා පැත්තේ කාමරේ කවුද බං ඉන්නේ...?"

දවසක් මම රූමාගෙන් උවමනාවක් නැති ගානට අහලා දැම්මා.

"කෙල්ලෙක් බං. මාත් හරියට දැකලා නෑ..."

ඌ උත්තර දුන්නේ උවමනාවක් නැති ගානට. පිරිමි උවමනාවෙන් උවමනාවල් හංගන බව මට තේරුණේ එවෙලේ. මොකද මං ඒක අහනකොටත් උගෙ ඇස් දිලිසුණා.

"මොනවා කරන එකියක්ද...?"

මං ආයෙම ඇහුවා.

"දන්නේ කවුද බං..."

මං ප්‍රශ්න අහන එක නතර කළා. එක මන්දාරම් හවසක එහා කාමරේ දොර ඇරෙන සද්දෙ මට ඇහුණා. තෙත සෙරෙප්පු දෙකක චිරිස් චිරිස් සද්දෙ එක්ක.

රූමා වැඩට ගිහින් තිබුණු නිසා මම වැහි හීතලට ඇහැරුණු ආම්පන්න අතට අරගෙන හිටියේ. මං දඩි බිඩි ගාලා නැගිටලා ජනෙල් රෙද්ද අයින් කරලා රෙදි වැල දිහා බැලුවා. ඒකි කොටම කොට තුවායක් ඇඳගෙන පිටිපස්ස හැරිලා රෙදි වන වන හිටියා. කබ ඇස් වලින් මට ඒකිව කිරි පාටට පෙණුනා. ඒකි රෙදි බේසමෙන් රෙදි ගන්න නැමෙනකොට මං තව ටිකක් උස ගියා. එක වෙලාවක කැරලි කොණ්ඩෙ උරහිසින් ඉස්සරහට වැටුණා. බෙල්ල ගාවින් පටන් අරගෙන පිට කොන්ද දිගේ බුධ සිකුරු පෘතුවි, අඟහරුට එනකල් කොටලා තිබුණා. ඉතුරු ටික කරුමක්කාර සුදු පාට තුවායෙන් වැහිලා තිබුණා. ප්ලූටෝ බලාගන්න ආපු නොඉවසිල්ලට මං ඒකි කාමරේට යනකල් ඉඳලා ජනේලෙන් එබුණා.

පොත් ගුලක් මැද ඒකි තුවාය ගලවලා තවත් උස පොත් කන්දක් උඩට විසි කළා. මං විශ්වයම දැක්කා. ජනෙල් වීදුරුවේ පිණි සේරම මගෙ රැවුල් ගස් අස්සට රිංගගත්තා. මං වීදුරුව ඉම්බා.

පිටිපස්සෙන් නවත්තපු බයික් එකේ සද්දෙ ඇහුණේ නැති තරමටම මට මන්දාකිණියම අමතක වෙලා තිබුණේ. යක්ෂයා මාව බෙල්ලෙන් අල්ලගත්තා. කනේ ඇඟිලි පහක් හිට්ටා. රෑ එන්න කලිංම මං තරුත් දැක්කා. බයට මං කාමරේ මුල්ලට වෙලා අත පය අකුලගෙන හිටියා. රෑ අහසින් ඉඳලා කසුන් කල්හාරගේ සිංදු එකදිගට ඇහුණා. ඒකි කෙඳිරි ගානකොට මං ඇහැරුණා. යක්ෂයා කෙඳිරි ගානකොට මං මැරුණා.

උන්ගේ යුද්දේ මහා පිපිරුමකින් අවසන් වුණා. මගේ ක්ෂීරපථයම කඩාගෙන වැටුණා.

"මං ඒකිව යක්ෂයාගෙන් ගලවගන්නවා!"

මැරුණු ශිෂ්ණය ජංගිය අස්සේ ඔබාගන්න ගමන් මං හිතුවා.

Keep Reading

No posts found