Colors & Promises
වෙලාව 12ට කිට්ටු කරලා තිබුණේ. මං යන්තම් wash එකක් දාගෙන, සුවඳ ටිකක් තවරගෙන දොර වහලා lift එකට ගොඩ වුණා.
අම්මටසිරි ජෝන්!
"ආ ඉලන්දාරියා... කොහෙද මේ මහ රෑ සුවඳ ගගහා යන්නේ...?" ජෝන් කියන්නේ මේ apartment complex එකේ ජංගම CCTV පද්ධතිය. මිනිහා අඩිය ගහන්නේ සිකුරුටි එක්ක. බයිට් එකට ගන්නේ apartment complex එකේ ඕපදූප ටික. ඒ හින්දා ජෝන්ට අහු වෙනවට වඩා හොඳයි, කරන මගඩියක් කොටස් වශයෙන් දිවයින ඉටුපිටේ දාන එක.
"මං මේ හුළං පොඩ්ඩක් වදින්න යනවා අංකල්..."
"ඇයි හැන්දෑවේ පුතාගෙ වත්තෙ හරියට හුළං ඇල්ලුවා නේද...?"
ජෝන් අංකල්ගෙත් තියෙන්නෙ එක්දාස් අටසිය බර ගණංවල ජෝක්ස්! අටවෙනි තට්ටුවෙන් බැහැලා, ආපහු ලිෆ්ට් එකේ දොර වැහෙනකල් බලං ඉඳලා මම නූර්ගෙ ගෙදර බෙල් එක ගැහුවා.
ශබ්ද තරංග අවකාශය හරහා ගමන් කරන වේගයට වඩා වැඩි වේගෙකින් දොර ඇරුණා. නූර් මගෙ කොළර් එකෙන් ඇදලා මාව ගේ ඇතුළට අරන් බිත්තියට හේත්තු කරගෙන දොර වහලා දැම්මා.
ගේ පුරාම ළා නිල් පැහැති ආලෝකයක් පැතිරිලා තිබුණේ. JBL එකකින් මං කැමතිම බටහිර ගීත ඛණ්ඩයක් වාදනය වෙමින් තිබුණා. අඩ අඳුරෙ වුණත් නූර්ගෙ කෙටි දුහුල් ගවුමට යටින් කලා පිරුණු පුර හදවල් දෙකක් මට පෙණුනා. ඒත්, වෙනදා වගේ ඒවා දෝතට ගන්න හදිස්සියක් අද මට තිබුණෙ නෑ. ඒ ඇයි කියලා මං දන්නෙ නෑ.

නූර් මගෙ කන් පෙත්තට පහළින් බෙල්ලෙ දිගම දිග හාදුවක් අතුරමින් ඉන්න අතරේ පායල් සාලෙට ආවා. මං නූර්ට දැනී නොදැනී නූර්ව පැත්තකට කරලා ඇවිත් සෝෆා එකට පත බෑවුණා. පායල් අතේ තිබුණු විස්කි ෂොට් එක මට දික් කළා. මං ගොබ්බයෙක් වගේ ඒක එක උගුරට හලාගත්තා.
සමාවෙන්න! නූර් කියන්නෙ ගෑනු ළමයෙක්. පායල් කියන්නෙ එයාගෙ පෙම්වතිය. එතකොට මං?
[ඒක උඹට වැඩක් නෑනේ. ජෝන් නොවී කියවපන්.]
නූර් ආයෙම ළඟට ඇවිත් ඔඩොක්කුවෙන් වාඩි වුණා. වෙනදට පුළුං කෑල්ලක් වගේ ඉන්න නූර්, අද ගල් රෝලක් වගේ බරට දැනෙන්නෙ මොකද කියලා මට හිතාගන්න බැරුව හිටියේ.
නූර් මං බාගෙට ඇරගෙන හිටපු බොත්තම් සේරම ගලවලා දැම්මා. ඊටපස්සෙ බෙල්ල මුල ඉඳලා නාභිය ගාවට එනකල් මිලි මීටරයක්වත් අත නෑර තෙත හාදු තවරගෙන පල්ලම් බැස්සා. පායල් මට දෙවෙනි විස්කි වඩියත් නැමුවා.
නූර් ඉන් එක උගුරක් මගේ buddy එක්ක බෙදාහදාගත්තා. තව ටිකකින් ඇට දෙකටත් වෙරි!
[Buddy = Nirwan’s code word for his dick]
පායල් පුරුදු විදිහට මගෙ අතක් අරං එයාගෙ කන්පෙති අතගාගන්න පටන් අරගෙන තිබුණේ. පායල් හරිම ඉවසිලිවන්තයි. ඒකට මොකද, දෙයියෝ ඉවසීම බෙදන දවසේ නූර් නම් ෂුවර් එකටම කොටුවක් පැනලා!
පායල් තුන් වෙනි විස්කි වඩියත් එක්ක, පත්තු කරපු සිගරට් එකක් මගෙ අතේ තිබ්බා. නූර්ගෙ සාත්තුවෙන් නෙළුම් කුළුණ අහසට ඉස්සිලා තිබුණේ. පායල් ඒකට වැහි කබායක් ඇන්දුවා.
අපි නම් තෙමෙයි වැස්සට!
නූර්ට මං ගහක් වුණත් ගාණක් නෑ. Strong independent women. තනියම හැමදේම කරගන්නවා!
පායල් ටීක් බෝල ඇස්වලින් බලං හිටපු හන්දා මං පායල්ව තුරුල් කරගත්තා. පායල්ගෙ මූණෙ ලස්සන හිනාවක් ඇඳුණා. නූර් ඒ තප්පරේට මගෙ මූණ එයාගෙ දිහාවට හරවගත්තා.
ඕකනෙ ගෑනුන්ට බුදු වෙන්න බැරි!

මං හෙමින් සැරේ නූර්ව බව්වා ඉරියව්වට අරගෙන පායල්වත් පැත්තකින් ළං කරගත්තා. දැන් පායල් ඉන්නේ මගෙ ඇඟේ ඔහේ එතිලා. එයාට හිතෙන හිතෙන තැන් ඉඹින ගමන්!
මිනිත්තු කිහිපයක් ඇතුළේ, නූර් විශ්‍රාම ගියා. මං වැහි කබා ගලවලා අව්ව තපින්න පටන් ගත්තා. ඒත් පායල් පොද වැස්සකට තෙමි තෙමී හිටියේ.
නූර් මගෙන් නළලට හාද්දක් අරගෙන, පැත්තකට වැටිලා සිගරට් එකක් පත්තු කරගන්න අතරෙ පායල් මගෙ උරපත්තක එල්ලිලා ආදරේ හොය හොය හිටියා. මං පායල් එක්ක තව විස්කි වඩියක් නවාගෙන බැල්කනියට ආවා.
පායල්ගෙ ටීක්බෝල ඇස් නතරවෙලා තිබ්බේ මගෙ ඇස් ඉස්මත්තේ. මං ඒ දිහා බලාගෙන හිටියා. ඒත් පායල් මූණ ඇල කරගෙන දෙතොල්වලට ඉස්සෙද්දි මං බූරුවෙක් වගේ මූණ හරවගත්තා. පායල් ටික වෙලාවක් පුදුමෙන් බලාගෙන හිටියා.
"ඇයි නිර්වාණ්... දැං ඔයාගෙ හිතේ මං නැද්ද...?"
ඒක ඇහුණම මගෙ හිත ගැස්සුණා. මං විස්කි වීදුරුව පැත්තකින් තියලා පායල්ගෙ මූණ දෝතට මැදි කරගෙන, නළලට හාද්දක් දුන්නා. ඊටපස්සෙ පායල්ව තදින් වැළඳගත්තා. ටිකක්වත් සීතල නොදැනෙන්න!

මට ඕන ගෑනියෙක් එක්ක දරුවෙක් වුණත් හදන්න පුළුවන්. ඒත් lip kiss කරන්න පුළුවන් හිතේ ඉන්න කෙනා එක්ක විතරයි! ඒ වගේම, වතාවකට හිතේ ඉන්න පුළුවන් එක්කෙනෙකුට විතරයි. අනිත් අයට ඉන්න අක්මාව, වකුගඩුව, පෙනහල්ල, කොළ බොක්ක වගේ තැන්වල ඉඩ තියෙනවා.
මං මුල්ම වතාවට ඔය කතාව පායල් එක්ක කියපු දවසේ, "නිර්වාණ්ගේ පතිවෘත්තාව තියෙන්නෙ lipsවල" කියලා පායල් මට විහිලු කළා.
අද මූණ හරවන්න තරම් පතිවෘත්තාව රකින්නෙ කවුරු වෙනුවෙන්ද කියලා මතක් කරගන්න එක අපහසු නැති වුණත්, ඒක පායල්ට පැහැදිළි කරන එක ඉතාම අපහසුයි කියලා දන්න හින්දා මං හුඟක් වෙලා යනකල් පායල්ව වැළඳගෙන හිටියා.
ටාරා කොහොමද එච්චර ඉක්මනට මගෙ හිතට ඇතුළ් වුණේ කියලා මං එහෙම ඉන්න ගමන් කල්පනා කළා.
හරියට ම හරියන කෙනා එක්ක ආදරෙන් බැඳෙන්න ගත වෙන්නෙ මිනිත්තු හතරක් විතරයි කියලා මනෝ විද්‍යාවෙත් කියනවා. එහෙම බැලුවම... උදේ නෙළුම් කුලුණ උස්සගෙන මල්ලු කුට්ටිගෙ ගේ ඉස්සරහාත් මිනිත්තු හතරකට වඩා හිටියා නේද කියලා මට මතක් වුණා.
"නිර්වාණ් කල්පනා කරන්නේ ඉර බහින වෙලාවේ ඔයා එක්ක balcony එකේ naked හිටපු neighbor ගැනද...?"
පායල් පිහිතුඩු වගේ වචනවලින් දමලා ගහද්දි මගෙ කොණ්ඩේ කරන්ට් වැදුණා වගේ කෙලින් වෙන්න ඇති. මං විස්කි වීදුරුව එක කටට හලාගත්තා.
"තව ගේන්නද...?" පායල් කිණ්ඩි කටහඬකින් ඇහුවා. මං එපා කියන්න ඔලුව වැනුවා.
"ඔයා දන්නවද? ඉර බැහැගෙන යන වෙලාවට, අමුතු විදිහේ තරුණියක් මුණ ගැහෙන එක, ඉරණම වෙනස් වෙන්න ඉතාම ළඟ බවට සළකුණක් කියලා පැරණි විශ්වාසයක් තියෙනවා. ඒක ඇත්ත වෙන්න ඇති කියලා දැන් මටත් හිතෙනවා නිර්වාණ්..."
මං හිතන්නේ sure එකට ම සීන් එක හතේ ප්රවෘත්තිවලටත් ගිහිල්ලා ඇති! මං ගල් ගිල්ලා වගේ බලං හිටියා.
To Be Continued 😋

