Rowdy baby type එකේ දෙමළ කොල්ලෝ තමයි මගෙ ලොකුම weakness එක. ටූත් පික් එකක් හප හප කැඩිච්ච සිංහල කතා කරන, වේට්ටිය කැහැපොට ගහගෙන, ෂර්ට් එකේ බොත්තං බාගෙට ඇරගෙන ඉන්න දෙමළ කොල්ලෙක්... Woah!

එළලා තිබුණු දැළකට මාළුවෙක් අහු වුණු පළවෙනි වතාවෙම, මං ඌව බලන්න විලට ගියා. මිනිහා ආවෙත් ඇන්ටික් කාර් එකකින්. Too cinematic!

එයාගෙ නම අරුල්. අපි මුණ ගැහුණේ සීත පළාතක තියෙන පරණ තානායමක. තානායමට එනකොට හොඳටම වැස්ස. අරුල් තෙමීගෙන වාහනෙන් බැහැලා ගිහින්, තානායමෙන් කුඩයක් ඉල්ලගෙන එනකල් මට වාහනේට වෙලා ඉන්න වුණා. ඒ මගෙ උවමනාවට නෙමෙයි. වාහනෙන් බැහැලා තානායමට ගොඩ වෙන අඩියට - දෙකට මං තෙමිලා ලෙඩ වෙයි කියලා අරුල් වද වුණු හින්දා. Too caring!

අපි මුලින් ම අවන්හලේ වාඩි වෙලා බීර දෙකක් ඇණවුම් කළා. බීර එනකල් මම සිගරට් පෙට්ටියෙන් සිගරට්ටුවක් අරන් දල්ව ගත්තා. අරුල් දුම නොවැදෙන්න යන්තම් පස්සට වුණා. මං ඇස් දෙක ලොකු කරගෙන බැලුවා. ඔව්. කොහොමත් පේන හැටියට සිගරට් බොනවා වෙන්න බෑ. අරුල්ට තිබුණේ කෙල්ලෙකුටවත් නැති තරමේ රෝස පාට තොල්.

බීර මේසෙට ආවා. වේටර්, බියර් මග් දෙක දෙන්නා ගාවින් තියද්දි අරුල් එයාගෙ මග් එක ප්‍රතික්ෂේප කළා. මං තවත් ටිකක් ඇස් දෙක ලොකු කරගෙන බලං හිටියා.

“මං ඔයාගෙ කැමතිම මොනාටද දන්නවද...” ඒ වෙලාවේ අරුල් ඇහුවේ මගෙ මූණට එබිලා.

“ඔය ලොකු ඇස්!”

මගෙන් උත්තරයක් නැති තැන අරුල් ම උත්තර දුන්නා. මං හිනා වෙලා, වසීගරා සින්දුව හෙමීට ඇහෙන නෑහෙන ගානට play වෙන්න දැම්මා. අරුල්ගෙ මූණේ ලස්සන හිනාවක් ඇඳුණා.

“ඔයා දන්නවද ඒකෙ තේරුම…?”

අරුල් ඇහැව්වේ දෙවෙනි වර්ස් එක play වෙද්දි. මං නෑයි කියලා ඔලුව වැනුවා.

“හයියෙන් වැස්සක් වහින වෙලාවට, අපි එක බ්ලැන්කට් එකක් ඇතුළට වෙලා, සීතලයි, රස්නෙයි දෙකම එකට බෙදාගනීවි…”

අරුල් ඒ ටික කිව්වේ මගෙ ඇස් දෙක දිහා බලාගෙන. ඒ වෙලාවේ “අරේ වාහ්…” feeling එකකින් මං අරුල්ගෙ කතන්දර කියන ඇස් දෙක දිහා බලාගෙන හිටියා.

[මං මෙතන ඒ වෙලාවේ අපි අහපු වසීගරා සිංදුව අමුණනවා. හයියෙන් වහින වෙලාවක partner එක්ක මේක අහලා බලන්න. මේක original එක නෙමේ. මේක cover එකක්.]

https://www.youtube.com/watch?v=d9IKg-nizhQ

අරුල්ට තිබුණේ ඇල්ලුවත් ජම්බු පාට වෙන සුදු පැහැති හමක්. අරුල්ගෙ අතින් ඉස්සෙල්ලාම අල්ලගත්ත වෙලාවේ මට අරුල්ව මුණ ගස්වපු මගෙ පස මිතුරා කියපු කතාවක් මතක් වෙලා හිනා ගියා.

“ඌ කිරි පාටයි යකෝ. දැක්කම අපිටත් ගහන්න හිතෙනවා!”

[BTW එහෙම කිව්වට, පස මිතුරා is full straight හොඳේ. නැත්තං මේක දැක්කම මගෙ ඔලුව කයි.]

අරුල් දන්න සිංහල වචන සේරම දාලා ඇහුවත්, මට හිනා ගිය හේතුව අරුල්ට නොකියා ඉන්න මං වග බලාගත්තා. ඒ අරුල් ඇඟ පතින් වගේම හිතිනුත් ළාමකයි කියලා මං ඒ වෙද්දි තේරුම් අරගෙන හිටපු හින්දා. ඕක කියන්න ගියොත් එහෙම අරුල් ආයේ මගෙ පස මිතුරාගෙ මූණ බලන්නත් බය වෙයි. 

බීර බෝතල් කිහිපයක් තනිවම හිස් කිරීමෙන් අනතුරුව අපි, තානායමේ වෙන් කරගත් සඳළු තලයක් සහිත කාමරයට ඇතුළ් වුණා. අරුල් පිළිවෙලට එයාගෙ අත් ඔරලෝසුව, පර්ස් එක ආදිය ටේබල් මිරර් එක උඩින් තියලා, ෂර්ට් එකේ ඉතුරු බොත්තං ටිකත් ගලවන ගමන් බෙල්ල ඇල කරගෙන මං දිහා බලාගෙන ඉද්දි, මට හුස්ම ගන්න අමතක වුණා. මෙච්චර වෙලා තිබුණු ළාමක ළපටි පෙනුම ඒ වෙලාවේ නම් අතුරුදන් වෙලා තිබුණේ. ඇස්වලට හැළෙන කෙස් රොදවල් අතින් පස්සට කරනකොට තමයි අරුල් වැඩිපුර ම ලස්සන!

රස්නෙන් වතුර බිඳිති උරහිස් දිගේ පහළට වැටෙද්දි, මේ වැහි රෑ මොන වගේ ආශ්වාදනජනක එකක් වෙයිද කියලා මං උපකල්පනය කරන්න උත්සහ කළා. ඒත් එච්චර දෙයක් හිතන්න තරම් හිත සන්සුන් නැති එකේ මං වෙලාව නාස්ති නොකර නාන කාමරෙන් එළියට ආවා.

අරුල් කුඩා හාදුවක් මගෙ සීතල කම්මුලක තියලා තුවායත් අරගෙන නාන කාමරයට ගියාට පස්සේ මං සැහැල්ලු ඇඳුමකට මාරු වෙලා අරුල් ලෑස්ති කරලා තිබුණු නෙස්කැෆේ මග් එකෙන් බෙල්ල තවාගත්තා. අරුල් එළියට එද්දි මට සිගරට් දුම පිට උගුරේ ගියා.

අරුල්ට තිබුණේ ග්‍රීක දෙවි කෙනෙකුගෙ වගේ සිරුරක්. ග්‍රීක දෙවිවරු කොයි වගේද කියලා මම හරියටම කියන්න දන්නෙ නැති වුණාට, ග්‍රීක දෙවි කෙනෙකුගෙ සිරුරකට වතුර බිංදු වැටුණට පස්සේ මෙන්න මේ වගේ ඇති කියලා මට අරුල්ව දැක්කම හිතුණා.

පස මිතුරාට තුති!

මං ඇඟිලිතුඩුවලින් ඉස්සිලා අරුල්ගෙ උරහිසක හාද්දක් තිබ්බා.

විදුලි පහන්වල එළිය අඩු කළාට පස්සේ, ඇඳුම් ලෙහිලා ගියා. මේක සහතිකයි! අරුල් කියන්නෙ පණ තියෙන ග්‍රීක දෙවි කෙනෙකුගේ ප්‍රතිමාවක් තමයි. ඒක හරිම ඉක්මනට පටන් ගත්තා වගේ හැඟීමක් මට තිබුණේ. මොකද, අරුල්ට වගේම ඒ වෙලාවේ මටත් ඉවසීමක් තිබුණා කියලා හිතන්න අමාරුයි. අරුල්ගේ රෝස පාට, තොල් විතරක් නෙමෙයි! ඇස්වලට වැටෙන කෙස් රොදවල් පිටිපස්සට කරගන්න මම හැමවෙලේම අරුල්ට උදව් කළා. ඒත් ඒ කිසිම දෙයක් මං අරුල්ගෙ සිරුර දකින්න බාධාවක් කරගත්තේ නෑ.

අරුල්ගේ බෙල්ල දිගේ තෙත හාදු තිය තිය පහළට යද්දි මට අසූ හාරදාහට ගැහෙන හදවත හම්බුණා.

"අරුල්...?" මං සැකේට අරුල්ගෙ ඇස් දෙක දිහා බැලුවට අරුල් මගෙ බැල්ම මග ඇරියා. කොහොමහරි, අරුල්ගෙ හුස්ම එයාට පාලනය කරගන්න බෑ කියලා මට හොඳටම පැහැදිළියි. ඒක දැක්කම මට කුරිරු සතුටක් දැණුනා. පිරිමි දිය වෙනකොට හරිම හුරතල්!

හෙමීට, අරුල්ගෙ කෙස් රොදවල් ඇතුළෙන් ඇඟිලි තුඩු ඇවිද්දවනකොට අරුල් සන්සුන් වෙන්න ගත්තා. මම අරුල්ට මගෙ ශරීරයේ හැම අඟලක් ම ඉගෙන ගන්න උදව් කළා. කලබලෙන්, නොඉවසිල්ලෙන් ගත කරපු මිනිත්තු ගාණකට පස්සේ, මම අරුල්ගෙ උකුල උඩ ඉඳගත්තා. ඒ වෙලාවේ අරුල්ගෙ කන් පෙතිවල ඉඳලා රත් වෙන හැටි මගෙ ඇඟිලිතුඩුවලට දැණුනා.

අරුල්ට මාව යටත් කරගන්න, තවත් මිනිත්තු ගාණක් ගත වුණා. ඒක තමයි මේ ලෝකෙ තියෙන තෘප්තිමත් ම මොහොත. ග්‍රීක ප්‍රතිමාවක් වගේ ශරීරරයක් තියෙන කඩවසම් පිරිමියෙක් තමන්ට ඉහළින් තමා දිහා බලා ඉන්න එක!

එක ඉරියව්වකින් වෙහෙසට පත්වෙලා අරුල් ඊළඟ ඉරියව්වට හැරෙන කුඩා තප්පර කිහිපයක් ඇතුළේ මං අඩ අඳුරේ භයානක යමක් දැක්කා. ඊටපස්සෙ මම කළේ කලබලෙන් අරුල්ව එහාට කරලා විදුලි පහන් සේරම දල්වගෙන ගිහින් ඇඳ දිහා බලපු එක.

ඊළඟ තප්පරේ මට සිහිය නැති වුණා!

ආයෙම සිහිය එනකොට සෝෆාවට වෙලා අරුල් මාව තුරුල් කරගෙන බය වෙලා බලන් හිටියා. මං සිහිය ආපු ගමන් බැලුවේ අපි හිටපු ඇඳ දිහා. අරුල් ඇඳ ඇතිරිල්ල අයින් කරලා තිබුණේ.

“I’m not a virgin or on my period”

“Yeah… But it’s my first time… I’m sorry if I mess up.”🥺

අරුල් කතා කළේ ඇඬිලා. පෙනුම විතරයි rowdy baby!😒

ඊළඟට මං කළේ අරුල් ඇඳං හිටපු තුවාය ඈත් කරලා අරුල්ගෙ සියලු අවයව යහතින් තියෙනවද කියලා බලපු එක. මොකද වෙච්ච හරියෙ හැටියට සිහි නැති වෙන්න ඕන අරුල්ට.

“මං හොඳින්, බය වෙන්න එපා...!”

අරුල් අමාරුවෙන් හිනාවෙන ගමන් කිව්වා.

Sorry අරුල්... මට ලේ දැක්කම කලන්තෙ හැදෙනවා!” 

ඊටපස්සේ එදා රෑ අපි, අරුල් හැන්දෑවේ කියපු විදිහට ම, මහ වැස්සේ, එක බ්ලැන්කට් එකක් ඇතුළේ ගුලි වෙලා, සීතලයි උණුසුමයි දෙකම එකට බෙදාගත්තා.

ඒත් මගෙ ෆැන්ටැසිය පළවෙනි දවසෙම කුඩුපට්ටම් වුණ හින්දා අපි ආයෙ මුණ ගැහුණේ නෑ. මං ගෙදර ඇවිත් පස මිතුරාගෙන් අඩෝ උඹලාටත් පළවෙනි intercourse එකේදි bleed වෙනවද කියලා ඇහුවා. මේ උතුමාණන්ගේ පිළිතුර.

“ඔව්, එක්කො ලෙලි ගියොත්, නැත්තං කඩාගෙන කෑවොත්!”

 

 

 

 

Keep Reading

No posts found