How To Be Brave…?
මං ටාරා ගැන වචනයක්වත් කතා නොකළ එක ගැන පායල් ඉන්නෙ අමනාපෙන් බව මං දන්නවා. සමාව ඉල්ලන්න වගේ මං පිටත් වෙන්න කලින් ආපහු සැරයක් පායල්ව හුස්ම හිර වෙන තරම් තදින් වැළඳගෙන හිටියා. ඒත් පායල් ඒ වැළඳගැනීමට බිංදුවක්වත් සහය දුන්නේ නෑ කියලා මට තේරුණා.
මං අතිශය ප්‍රථම වතාවට පායල්ගේ හිත රිද්දුවා. ඒත් එහෙම කළේ, මොන ලෝකෙං ආවද කියලාවත් හරිහැටි දන්නෙ නැති ආගන්තුක කෙල්ලෙක් වෙනුවෙන් නේද කියලා මතක් වෙනකොට නම් මට මං ගැනම පොඩි guilt එකකුත් නාවා නෙමෙයි. ඒ වුණාට මිනිහෙක් මොළේ පාවිච්චි කරන්නෙ එහෙමයි!
"ආයෙ එනවද..." පායල් දොර ළඟට ඇවිත් ඇහුවේ එච්චරයි.
"නෑවිත් ඉන්න තරම් දුරකට ගිහිං නෑ!" මං පායල්ගෙ ටීක්බෝල ඇස්වලට හාදු දෙකක් තියලා ලිෆ්ට් එකට ගොඩ වුණා.

පාන්දර දෙකයි!
ඇඳට පනින්න බලාගෙන ගෙට ගොඩ වුණාට, "බැල්කනියට ගිහිං පොඩ්ඩක් බලපං" කියලා මගෙ කොලු හිත මට බල කරා. නැතුව නිර්වාණ් කියන්නේ එහෙම නැහැදිච්ච එකෙක් නෙමෙයි! 😌
උස වීදුරු ජනේලෙ අරිනකොට ම මට අර මල් සුවඳ දැණුනා. ඒ ඩිංගට මගෙ හිත පිරුණා. මේක නම් ගෙවිලා ඉවර වෙන්නෙ නැති දවසක්! මට පිස්සු හැදුණා.
"ඔයාට අර හවස හදපු රස එක හදන්න පුළුවන්ද ආයෙ...?" මල්ලු කුට්ටි හරියට මං එනකල් බලන් හිටියා වගේ මං බැල්කනියට අඩිය තියද්දිම මේ පැත්ත හැරිලා ඇහුවා.
මං පුළුවන් කියන්නත් කලින්, මල්ලු කුට්ටි හැන්දෑවෙ වගේ, චූටි ගේට්ටුවෙන් පැනලා මං ගාවට ආවා. සිතුවිලිවලට ඉඩක් නෑ. මට තිබුණේ රොබෝ කෙනෙක් වගේ ක්‍රියාත්මක වෙන්න විතරයි.
මල්ලු කුට්ටි මගෙ පිටිපස්සෙන් පෑන්ට්‍රි එකට ආවා. කෙට්ල් එක burner එකේ තියලා වතුර රත් වෙනකල් මං සීනි චුට්ටක් වැඩියෙනුත් දාලා කෝපි, කෝප්ප ලෑස්ති කරා.
"ඔයා හැමදාම රෑට හුළං වදින්න උඩ තට්ටුවට යනවද...?" මල්ලු කුට්ටි ඇහැව්වේ එයාගෙ අතේ තිබිච්ච මල් පන්දම මගෙ අතට දෙන ගමං. මට හීන් දාඩිය දැම්මා.
"සමාවෙන්න... මං දන්නවා ඒක වැරදියි කියලා. ඒත් මං ඔයා කතා කරනවා අහගෙන හිටියා..." කේතලේ විසිල් එක වැදිලාත්, නෑහුනා වගේ මම් හොල්මං වෙලා බලං ඉද්දි මල්ලු කුට්ටි සමාව ඉල්ලන්න ගත්තා.
මං හුළං වදින්න යන කතාව කිව්වේ ජෝන් අංකල්ට. ඒකත් ලිෆ්ට් එකේදි. ඒ වෙලාවේ ලිෆ්ට් එකේ හිටියෙ අපි දෙන්නා විතරයි!
මං හුස්මට දෙකට පෆ් හතරක් විතර ඇදලා දැම්මා. කෙට්ල් එක ඕෆ් කළෙත් ඊටපස්සෙ. නෙස්කැෆේ මග්ස් දෙකත් අරගෙන අපි ආයෙම බැල්කනියට ආවා.
"ඔයා හුළං වදින්න උඩට ගියාට දාඩිය දාගෙනනෙ පහළට ආවේ නිර්වාණ්... මෙතන හුළඟ හොඳයි... දාඩිය දාන්නෙත් නෑ..."
මට කතා කරගන්න වචන ආවෙ නෑ. එක්කො පන්දම හන්දා. නැත්තං මේ කාන්දම නන් දොඩවන හන්දා!
"හවස බැන්නට සොරි..." අන්‍තිමට මං වැදගත් දෙයක් කටින් එළියට දාගත්තා.
"මං ආයෙ කවදාවත් මේක හලාගන්නෙ නෑ. මේ... හයියෙං අල්ලගෙන ඉන්නේ..." ටාරා නෙස්කැෆේ මග් එක අත් දෙකෙන් ම අල්ලගෙන පෙන්නනවා. මට ආයෙ මළ පැන්නා.
"මං බැන්නෙ ඕක හළාගත්තට නෙමෙයි යෝධියේ..."
"එහෙනම්...?" ටාරා අමුතු සතෙක් වගේ අහනවා.
මං තරහටත් එක්ක ආපහු පෆ් දෙක තුනක් ළඟ නැමුවා. මුළු සක්වළම මගෙ වටේ කැරකෙනවා වගේ මට දැණුනා. ටාරාට උත්තර දෙන්න මට වචන මතක් වුණේ නැති හන්දා ඒ කතාව එතනින් ඉවර වුණා.
හඳ ඔලුව උඩ තියං ඉන්නවා වගේ බරක් දැණිලා මගෙ ඇස් පියවුණා. එතනින් එහාට මොකක් වුණාද කියලා මට මතක නෑ.

පහුවදා උදේ ඇහැරෙනකොට මං සැපට සනීපෙට මගෙ ඇඳේ ගුලිවෙලා කොට්ටෙකුත් බදාගෙන අමු හෙළුවෙන් නිදාගෙන හිටියා. අන්තිමට ඇඳං හිටපු ෂෝටයි T shirt එකයි බැල්කනියෙ බිම තිබිලා හම්බවුණා. ඔලුව පොළොවෙ ගහගෙන කල්පනා කළත් ඊට වඩා දෙයක් මතක් කරගන්න මට බැරි වුණා.
කාටද මං මේවා කියන්නේ... කවුද මේවා විශ්වාස කරන්නේ...?
"Whotto... cari scene එක... ඉක්මනට වරෙන්!" ශාලුට voice message එකක් තියලා මං නාගත්තා. ශාලු එනකල් දෙතුන් පාරක් බැල්කනියටත් ඔලුව දාලා බැලුවා. ඒත් මල්ලු කුට්ටි පේන්න හිටියේ නෑ.
මේක හීනයක් වෙන්න බැරිද...? බෑ!!!
හිස් නෙස්කැෆේ මග් දෙකත් බැල්කනියෙ ඉඳං මට "යැයි යැයි" ගානවා දැක්කේ එවෙලෙ.
ශාලු ආවා.
"මොකද්ද දැං කැරි සිද්ධිය...?" ඌ ආපු ගමන් හට්ටි මුට්ටි පෙරළ පෙරළ අහන්න ගත්තා.
"එහාපැත්තෙ apartment එකට අලුතෙං කෙල්ලෙක් ආවා..." මං ඒක කිව්වෙ හරිම බරපතළ විදිහට.
"නෙද්දකිං... තෝ ඕක කියන්නද මේ තකහනියක් මාව ගෙන්නගත්තෙ... අරකි මාව කන්න හදනවා නිවාඩු දවසෙත් අවලමේ යනවා කියලා..." ශාලු කියවන්නෙ ඉනට අත් දෙකත් තියාගෙන.
පිස්සො කලබල උනාට දොස්තර කලබල වෙන්නෙ නෑනේ. මං සන්සුන්ව සෝෆා එකේ වාඩි වුණා. පිලෝ එකකුත් ඔඩොක්කුවට අරගෙන හරි බරි ගැහුණා.
"ඒ කෙල්ල හෙන අමුතුයි මචං..." මං තව ටිකක් සීරියස් මූඩ් එකෙන් කිව්වා.
"Seriously...???" ශාලුගෙ මූණට ඒ වෙලාවෙ ලබ්බ බැස්සා වගේ look එකක් ආවා.
මොකද මං ඔය "ඒ කෙල්ල හෙන අමුතුයි මචං..." කියලා හෙන සීරියස් මූඩ් එකෙන් හැට හැත්තෑ වතාවක්වත් කියලා ඇති. ඒ හැම වතාවක ම, body count එක වැඩි වුණා ඇරෙන්න මගෙ ජීවිතේ එක දශමෙකින්වත් වෙනස් වුණේ නෑ!
ශාලුට උනත් ඉවසීමේ සීමාවක් තියෙනවනේ. කොල්ලා සාධාරණයි. ඒ වුණාට මේක ඇත්තට ම ගොඩක් අමුතු නිසා නොකියා බෑ. ඒ හින්දා මං බොහොම අමාරුවෙන් ශාලුට ඊයෙ උදේ ඉඳලා සිද්ද වෙච්ච දේවල් එකින් එක පැහැදිළි කරා. කතාව කියන අතරේ ශාලු අත් අට වතාවක්වත් බැල්කනියට ඔලුව දාලා බලන්න ඇති.
මල්ලු කුට්ටි නෑ.
"රිළවෙක් වගේ ඔහොම හැමතිස්සෙම එබෙන්න එපා බං. ඒකි දැක්කොත් බය වෙයි..." මං බැරිම තැන ශාලුට එහෙම කිව්වා.
"අපි බැල්කනියෙ ඉන්න වෙලාවට තමා අහළ පහළ ගෑනු රෙද්දක් වනන්නවත් එළියට එන්නැත්තෙ..." මොනවා වුණත් ශාලු අවංකයා!
නිවාඩු දවසේ අවලමේ යනවා කියලා ගෑනි ශාලුව කන්න හැදුවට ශාලු ඉර බහිනකල් මගේ ගෙදරින් හෙල්ලුණේ නෑ.
මං අහස තැඹිලි පාට වීගෙන එද්දි, කේතලේ රත් වෙන්න තියලා නෙස්කැෆේ දෙකක් හැදුවා. මිනිහෙක් මොළේ පාවිච්චි කරන්නෙ එහෙමයි!
ඊටපස්සෙ මග් දෙක අත් දෙකට අරගෙන, සාලෙ පහු කරගෙන යද්දි ශාලු එක නෙස්කැෆේ මග් එකකට අත දික් කරා.
"පල පකෝ යන්න... මං මේක ටාරාට හැදුවේ..." මං ශාලුට පයිං එකක් ගහලා බැල්කනියට ආවා. ඇවිත් පුටුවක වාඩි වෙලා බොහොම බලාපොරොත්තු සහගතව දෙවතාවක් විතර ටාරාගෙ බැල්කනියට රබර් ඇහැ දාලා බැලුවා. තුන් වෙනි වතාවේ බලනකොටම, ටාරා බැල්කනියෙ දොර ඇරගෙන එළියට ආවා.
මගෙ ඔලුවෙ මල් හත අටක් පිපුණා.
"අර හැංගිලා ඉන්න යාලුවාටත් එන්න කියන්න... හැබැයි එයාට කියන්න මගෙ ඇඟේ මේවා හලන්න එහෙම එපා කියලා!"
ටාරා ගේට්ටුව උඩින් පැනලා, මං ගාවින් වාඩි වෙන ගමන් කිව්වා.
අද ටාරාගෙ ඇඟේ නෙස්කැෆේ හලන්න ඕන කියලා කිව්වේ ශාලු... ඒ මීට පැයකට විතර කලින්... දන්න තරමින් මේ බිත්ති sound proof!!!
ඒ කොහොම වුණත්, ටාරාගෙ රෙදි ගලවන්න කලින් ශාලුගෙ රෙදි ගැලවුණා. මං ශාලුට බැල්කනියට කතා කළා. ශාලු මල්ලු කුට්ටි දිහා බලාගෙන හිටියෙ හරියට පිටසක්වල ජීවියෙක් දිහා බලනවා වගේ.
To Be Continued…
